පළාත් පාසල් 4ක් ජාතික පාසල් කෙරේ

Picture of අසංක

අසංක

පළාත් පාසල් හතක් ජාතික පාසල් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

ඒ අනුව කුලියාපිටිය සාරානාත් විද්‍යාලය , දිඹුලාගල, විලයාය මධ්‍ය මහා විද්‍යාලය, තෝපාවැව මහා විද්‍යාලය, දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලය, බකමූණ මහසෙන් මහා විද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ අම්පාර උහන මහා විද්‍යාලය ද, ගම්පහ හේනේගම මධ්‍ය මහා විද්‍යාලය ද ජාතික පාසල් බවට පත්කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

පළාත් සභා යටතේ පවත්නා රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේ දී සපුරාලිය යුතු නිර්ණායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත්කර ඇත. ඒ අනුව, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ, සහ පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාවත් අදාළ එක් එක් පාසල්වල සේවයේ නියුතු සියලු ම අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සාමාජිකයන්ගේ ද එකගතාවත් මත මෙම පාසල් ජාතික පාසල් බවට පත්කිරීමට කටයුතු යොදා තිබේ.