නවතම පුවත්

ප්‍රංශය හා ලංඩනය පුරා යුදෙව් විරෝධී පෙළපාලි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඊශ්‍රායල-හමාස් යුද්ධයේ ආරම්භයේ සිට යුදෙව් විරෝධී ක්‍රියාවන්හි තියුනු ඉහල යාමක් දැකගන්න ලැබීම නිසා  දස දහස් ගනනක් ජනයා  ප්‍රංශය පුරා වීදි බැස සිටින බව වාර්තාවේ.

1990 දී Carpentras හි යුදෙව් සුසාන භූමිය කෙලෙසීමට එරෙහි විරෝධතාවයෙන් පසු පැරිසියේදී, වැඩිම පිරිසක් 105,000 පමණ පෙලපාලිකරුවන් පාගමනට එක් වූ බව ගණන් බලා ඇත.Nice, Lyon සහ Marseille ඇතුළු නගරවල පෙළපාලිකරුවන් කුඩා සංඛ්‍යාවකින් පිටතට පැමිණියහ. 182,000 කට වැඩි පිරිසක් රට පුරා පාගමනට සහභාගී වූ බව BFM TV වාර්තා කළේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමිනි.

France asks police to ban pro-Palestinian protest in Paris | Gaza News | Al  Jazeera
අගමැති එලිසබෙත් බෝර්න් සහ හිටපු ජනාධිපතිවරුන් වන ෆ්‍රැන්කොයිස් හොලන්ඩ් සහ නිකොලස් සාකෝසි ඇතුළු දේශපාලන චරිත ද ප්‍රංශ අගනුවර විරෝධතාකරුවන්ට එක් විය.

ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් පවසන පරිදි, ඊශ්‍රායල-හමාස් යුද්ධය සම්බන්ධයෙන් ප්‍රංශයේ සහ විශේෂයෙන් අගනුවර ආතතීන් ඉහළ යමින් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස යුදෙව් විරෝධී සිද්ධීන් ඉහළ ගොස් තිබේ.

ප්‍රංශයේ එක් මාසයකදී පමණක් යුදෙව් විරෝධී ක්‍රියා 1,000කට වැඩි ප්‍රමාණයක් සිදු කර ඇති බව ඔහු පැවසීය – එය පෙර වසරට වඩා තුන් ගුණයකින් වැඩි ය.

මැක්‍රොන් ඊශ්‍රායලය සමඟ ප්‍රංශයේ සහයෝගීතාවය නැවත අවධාරණය කළේ, බීබීසී සමඟ කලින් පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කළ අදහස් සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ප්‍රමුඛ පුද්ගලයින්ගේ විවේචනයට ලක්වීමෙන් පසුවය.

සිකුරාදා මැක්‍රොන් බීබීසීයට පැවසුවේ සටන් විරාමයක් ගාසා තීරයේ තත්වයට “එකම විසඳුම” බවයි. මම හිතන්නේ සිවිල් වැසියන්ට පහර දීම සාධාරණීකරණය කරන්න බැහැ,” මැක්‍රොන් පැවසීය.

ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග් ඉරිදා දුරකථන ඇමතුමක දී මැක්‍රොන් කියා සිටියේ “ජාත්‍යන්තර මානුෂීය නීතියට අනුකූලව” තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති බවයි.

සටන් විරාමයක් සඳහා මැක්‍රොන්ගේ ඉල්ලීම් ඕස්ට්‍රේලියාව දක්වාම පැතිරුණු  අතර එහිදී විදේශ අමාත්‍ය Penny Wong ඔහුගේ අදහස් සටහන් කරමින් කියා සිටියේ,“අපි හැමෝටම සටන් විරාමයක් කරා මීළඟ පියවර ගැනීමට අවශ්‍යයි.එහෙත් එය ඒකපාර්ශ්වික විය නොහැකි බවයි.

ලන්ඩනයේ 300,000 ක පමණ ජනතාවක් සෙනසුරාදා පලස්තීනයට සහය පළකරමින්  පැමිණ සිටි බව සදහන් ය.එහෙයින් නිසා මධ්‍යම ලන්ඩනයේ හයිඩ් පාර්ක් කෝනර්හි දැඩි පොලිස් ආරක්ෂාවක් තිබුණි.
රැලිය ගොඩනැගෙද්දී “සැලකිය යුතු සංඛ්‍යාවකින්” ප්‍රදේශයට කඩා වැදුනු “ප්‍රතිවිරෝධකයින්ගේ ආක්‍රමණවලට” ඔවුන් මුහුණ දුන් බව පොලිසිය පැවසීය.

පාගමන අවසානයේ ගිනිකෙළි භාවිතා  කරමින් සිටි 150 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් නිලධාරීන් විසින් අල්ලා ගත් බව පොලිස් සහකාර කොමසාරිස් මැට් ට්විස්ට් සෙනසුරාදා නිකුත් කළ නිවේදනයක පැවසීය. සමහර ගිනිකෙළි නිලධාරීන්ගේ මුහුණට පහර දීමෙන් පසු අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බව නිවේදනයේ දැක්වේ.

ඉරිදා ජර්මනියේ මූල්‍ය අගනුවර වන ෆ්‍රැන්ක්ෆර්ට්හි මෙන්ම සෙනසුරාදා බාර්සිලෝනා සහ බ්‍රසල්ස්හි පලස්තීන ගැති පෙලපාලියක් ද පැවැත්විණි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්