පැතුම් වික්‍රමරත්න
පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ බෝම්බ පිපිරීම් සිදුකල ත්‍රස්ත කල්ලි සමග සම්බන්දතා පවත්වන ඉන්දීය අන්තවාදී කල්ලි මැඩලීම සඳහා එරට ත්‍රස්ත මර්ධන ඒකකය විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.
ශ්‍රී ලංකාව තුල මෙම ත්‍රස්ත ක්‍රියා සිදුකල කණ්ඩායම් සමග සමීප සම්බන්ධතා පවත්වන කණ්ඩායම් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුල ක්‍රියාත්මක බවට එරට ආරක්ෂක අංශ වෙත තොරතුරු ලැබී ඇති අතර , ඒ අනුව ඉන්දීය ජාතික ආරක්ෂක නියෝජිත ආයතනයේද සහය ඇතිව මෙම සෝදිසි මෙහෙයුම් දියත් කර ඇති බව වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ප්‍රහාරයන් දියත් කල ආකාරයට , ඉන්දියාව තුලද යම් ප්‍රහාරයන් සැලසුම් කිරීමට මෙම අන්තවාදී කල්ලි සූදානම් වන බවට එරට බුද්ධි අංශ වාර්තා කර ඇති අතර එවැනි උත්සාහයන්ට සම්භන්ධ පුද්ගලයින් කිහිප දෙනෙකුම දැනටමත් එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව සිටී.
මෙම සෝදිසි මෙහෙයුම් වලදී ශ්‍රී ලංකාව සමගද ඉදිරියත් බුද්ධි තොරතරු හුවමාරු කරගැනීමටද ඉන්දීය ආරක්ෂක අංශ බලාපොරොත්තුවේ