නවතම පුවත්

පොතුවිල් මුහුදු මහ විහාරයේ ආරක්ෂාව අද සිට නාවික හමුදාව යටතට පත් කරේ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පොතුවිල් මුහුදු මහා විහාරයේ ආරක්ෂාව නාවික හමුදාව වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.  ඒ අනුව අද සිට ක්‍රියාත්මක වන පරිදී නාවීක හමුදා අනු කණ්ඩයක් පිහිටුවීමට නියමිත බවයි මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, යුධ හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති සි. ඩි. වික්‍රමරත්න ඊයේ (14) දිනයේ දී අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත විය

මේ අතර මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතය අක්කර 30ක් අවම වශ‍ෙයන් ඇතුළත් කොට ගැසට් කිරීමට කටයුතු යොදන ලෙස පරිසර හා වනජීවී සම්පත්, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පුරාවිද්‍යා රක්ෂිතයක් කිසිදු සොයා බැලීමකින් තොරව ජනතාව අතර බෙදා දුන් නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණ ආරම්භ කරන ලෙසත් අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා නියෝග කළේය.මේ වන විට මුහුදු මහා විහාරය ඇතුළත් පුරාවිද්‍යා රක්ෂිතයේ අක්කර 17ක් පමණ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙන අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසකත් අනවසර පදිංචිකරුවන් රැඳී සිටින බවත් මෙම සාකච්ඡාවේ දී හෙළිදරව් විය.

1951 වර්ෂය වන විට අක්කර 72ක් ලෙස ගැසට් කරන ලද මෙම රක්ෂිතයෙන් අක්කර 11ක් ගම්මාන පුළුල් කිරීම යටතේ ජයභූමි ඔප්පු ලෙස ජනතාව අතර බෙදා දී ඇත්තේ කිසිදු සොයා බැලීමකින් තොරව බවත් මෙහිදී හෙළි විය.

එමෙන්ම වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් කොටසේ නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීමට මැදිහත් වූ නිලධාරින්ට එරෙහිව පොලිසිය පරීක්ෂණ ආරම්භ කිරීම පිළිබඳවත් සොයා බලන ලෙස ඇමැතිවරයා උපදෙස් දුන්නේය.පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා ඇතුළු පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්