ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා ඉවත් කොට නව ලේකම්වරයකු බඳවාගැනීමට එම කොමිසමේ අවධානය යොමුව තිබේ.
මේ සඳහා හෙට රැස්වෙන කොමිසම තීරණයක් ගැනීමට නියමිතය.
ඇවන්ට්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති සමග 8 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබුණි.
තමන් අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් සමන් දිසානායක මහතා අභියාචනාචනයක් ද අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එම අභියාචනය ලබන15 වැනිදා අධිකරණය හමුවේ විභාගයට ගැනීමට නියමිතය.
පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින ලේකම්වරයා මේ වනවිට සැඟව සිටින බව පොලිස් ආරංචි මාර්ග පැවැසීය.