පැතුම් වික්‍රමරත්න
වහාම ක්‍රියාත්මක වන පරිදි බදු වර්ග කිහිපයක්ම අහෝසි කිරීමට අද පැවති නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත.
ඒ අනුව ගෘහස්ත භාණ්ඩ මත NBT බද්ද, ආර්ථික සේවා බද්ද, බැංකු හා හර බද්ද, කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද, උපයනවිට ගෙවීම් ආදායම් බද්ද , පොලී මත අයකරන රැදවුම් බද්ද, ණය සේවා බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
මීට අමතරව VAT බද්ද දෙසැම්බර් 1 වැනිදා සිට 8% දක්වා පහළට දැමීමට ද තීරණය කළ බව කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරිණ.