නවතම පුවත්

බන්දුලගේ චිත්‍රපටය බලන්න ජනපති-අගමැති ‘වන් ගෝල්ෆේස්’ ගිහින්

අසංක

අසංක

 

“ද නිව්ස් පේපර්” චිත්‍රපටයේ විශේෂ දර්ශන වාරය නැරඹීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරු සහභාගී වී තිබේ.

කොළඹ One Galleface – PVR සිනමාශාලාවේදී චිත්‍රපටය ඊයේ (28) පස්වරුවේ ප්‍රදර්ශනය කෙරිණ.

සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරුන්ගේ සම අධ්‍යක්ෂණයක් වූ “ද නිව්ස් පේපර්” චිත්‍රපටයෙහි සම නිෂ්පාදනය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රවීන්ද්‍ර ගුරුගේ සහ එච්.ඩී. ප්‍රේමසිරි මහත්වරුන්ගෙනි.

ජුලි 02 වනදා සිට දිවයිනේ සියලුම සිනමා ශාලාවල “ද නිව්ස් පේපර්” චිත්‍රපටය ප්‍රදර්ශනය කෙරෙන අතර එදින උදේ 10.30 ප්‍රථම දර්ශනය නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.

කොවිඩ් මර්දනයට සහාය වන සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ත්‍රිවිධ හමුදාවට, පොලීසියට සහ මාධ්‍යවේදීන්ට ද තම නිල හැඳුනුම්පත භාවිත කරමින් එක් වතාවක් සිනමා පටය නොමිලේ නැරඹීය හැකි බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දන්වා සිටී.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් විශේෂ දර්ශන වාරය නැරඹීමට එක්ව සිටියහ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්