බලතල සහිත රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමේ සූදානමක්

Picture of අසංක

අසංක

රමේෂ් වරල්ලෙගම

ඉදිරියේ දී බලතල සහිත රාජ්‍ය අමාත්‍යවරු පත්කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මීට පෙර සිදු වූයේ රාජ්‍ය අමාත්‍යවරුන් අත්සන තබා පමණක් යාම වුවද මින්පසුව ඔවුන්ට වගකීම්, බලතල ලබාදී රටේ ඉදිරි කටයුතු සඳහා වැඩි දායකත්වයක් ලබාගැනීමට අමාත්‍යවරුන් ද කටයුතු කරනු ඇති බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.