මේ දවස්වල සමහර අයගෙ ප්‍රධාන ඉල්ලීමක් තමයි IMF එක… නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියන එක…
මන් ඉගෙනගන්න කාලෙ 7, 8 වසරවල තිබුණා සමාජ අධ්‍යනය කියලා විෂයක්… ඒක ඒකාලෙ මගෙ ප්‍රියතම විෂය.
ඒකෙදි ජාත්‍යන්තර සංවිධාන ගැන උගන්නද්දි අපිට IMF ගැනත් ඉගැන්නුවා. අපි වගේ රටවලට ඉන්න සුපිරි ගැළවුම්කාරයෙක් විදිහට.
ඊට අවුරුදු 20කට පස්සෙ (ඔව්… වෛද්‍ය විද්‍යාලෙනුත් පිටවෙලා, පශ්චාත් උපාධියත් කරන කාලෙ) මන් ඉගෙනගත්තා ඉස්කෝලේ අපිට උගන්නන හැමදේම ඇත්‍ත නෙමෙයි කියලා… අහන දකින හැමදේම බුද්ධියෙන් විමසලා බලන්න කියලා මට තදින්ම අවධාරණය කරලා දුන්න මගේ ගුරුවරයෙක් නිසා,

ඊටපස්සෙ දුම්කොළ සමාගම්වල සටකපටකම්, ගවේෂණාත්මක පර්‍යේෂණ ක්‍රම වගේ විෂයන් ගැඹුරින් හදාරද්දි ලෝකෙ ගැන, රටවල් පාලනය කරන ක්‍රම ගැන, අපිට පෙන්නන සහා හංගන දේවල පරතරය ගැන මගේ අවබෝධය ගොඩක් වැඩිවුනා…
මේ ක්‍රියාවලියෙදි මගේ අවබෝධය වැඩි වෙන්න ප්‍රධාන හේතුවක් වුනා IMF වගේ ජාත්‍යන්තර සන්විධාන වල ඇත්ත දැනගැනීමටත් ලැබීම. (ඔව්… IMF කියන්නෙ ඒ කුලකයේ එකක් විතරයි).
පහළ තියෙන්නෙ ලින්ක් දෙකකින් ගත්ත ස්ක්‍රීන් ශොට්ස් විතරයි. උදාහරණ විදිහට. ඒවා ගන්න මන් run කරපු Google search එක පළවෙනි ss එකේ තියෙනවා. ඒවායෙ ලින්ක් පහළ කොමෙන්ට්වල තියෙනවා. (දෙවෙනි ලින්ක් එකේ ඒ චෝදනාවලට IMF ලබාදුන්න පිළිතුරුත් තියෙනවා).
මේ වගේ simple investigation එකක්වත් කිරීමේ පුරුද්දක් ඇතිකරගත්තොත් අනිත් අයගෙ ඩ්‍රාමාවල නළුවො වෙලා ගුටිකන, අපිටත්, රටටත් පාඩු කරගන්න එකෙන් වැළකෙන්න පුළුවන් මන් හිතන්නෙ…
රටක් විදිහට ස්වයංපෝෂිත ආර්ථික රටාවකට ගිහින් පෙන්නන වීර වික්‍රමය කරලා පෙන්නන්න කුමක් හෝ රටක් උත්සාහ ගන්නවා නම් අපි ඉන්නෙ එහෙම සුපිරි රටක .
ඇතිවෙන්න හිරු එළිය, වතුර තියෙන, සරුම සරු පසක් තියෙන, හිතකර දේශගුණයක් තියෙන, ස්වභාවික අනතුරු අවම ක්ෂේම භූමියක ඉඳන් IMF යන්න කියලා බලකරනවාට වඩා වෙන දේවල් තියෙනවා අපිට අපේ ආණ්ඩුවලට බල කරන්න…
අරගල කරමු…. බුද්ධිමත්ව… ❤










