බූවැලිකඩ කඩාවැටුණු නිවසේ හිමිකරු අත්අඩංගුවට

Picture of අසංක

අසංක

මහනුවර බූවැලිකඩ තිදෙනෙකුට මරු කැඳවමින් කඩාවැටුණු පස්මහල් නිවසේ හිමිකරු අනුර ලෙව්කේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඉදිකිරීම් කොන්දේසි සපුරා නොතිබීම,

හිමිකාර අනුර ලෙව්කේ මහතා කොන්ත්‍රාත් සමාගමට පවසා ඇත්තේ මහල් 2ක ඉදිකිරීමක් සඳහා සැලසුම් සකස් කරදෙන ලෙසයි. ඒ අනුව ගෘහ නිර්මාණ ශිල්පියා දෙමහල් ගොඩනැගිල්ලක සැලසුම සකස් කර ඇති අතර ඉදිකිරීමේදී එහි පාදම ද ඊට සුදුසු පරිදි සකස් කර ඇත.

මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පැවසුවේ මූලිකව තෙමහල් නිවසක් සඳහා සහ පසුව අවස්ථා දෙකකදී මහල් දෙකට වෙනම අවසර ලබාගෙන ඇති බවයි.

මෙම හිමිකරු ඉදිකිරීම් ක්ෂේත්‍රයට  සම්බන්ධ ව්‍යාපාරයක ද නිරතව සිටී.