නවතම පුවත්

බූස්ටර් මාත්‍රාවෙන් කොවිඩ් මරණ 99%කින් අඩුකරන බවට නවතම හෙළිදරව්වක්

අසංක

අසංක

කොවිඩ්-19 වෛරසය මරර්දනය කිරීමට ලබාගන්නා එන්නත්කරණයේ බූස්ටර මාත්‍රාව ලබාගැනීම මගින් කොවිඩ් මරණ 99% කින් අවම කරන බවට අමෙරිකානු විශේෂඥ වෛද්‍යවරයකු, අණුක විද්‍යා මහාචාර්යවරයකු වන එරික් ටොපෝල් පවසා තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ බූස්ටර් මාත්‍රාව ලබාගැනීම මගින් කොවිඩ් ආසාදනයෙන් රෝහල් ගතවීම් 97% කින් අඩු කරන බවයි.

ගෝලීය එන්නත්කරණ දත්ත හා මරණ අනුපාතික මෙන්ම නව ඔමික්‍රෝප් ප්‍රභේදයේ පැතිරීම පිළිබඳ දත්ත විශ්ලේෂණය කරමින් ඔහු මේ බව පවසා තිබේ.

වයස අවුරුදු 65ට වැඩි අය‍ේ රෝහල්ගත වීම් 98% අඩු කරන බවටත් ඔහු පෙන්වා දී ඇත.

ඔහු වැඩිදුරටත් කියාසිටින්නේ එවැනි සාපේක්ෂ අවදානම් අඩු කිරීම් ඇති හෝ ඉක්මවා ගිය වෙනත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක මැදිහත්වීමක් ගැන තමා නොදන්නා නමුත් පවතින තත්ත්වය මත බූස්ටර් මාත්‍රාව කොවිඩ් මගිනන් ජීවිත ගලවාගැනීම සාර්ථක ලෙස ඉටුකරන බවට පෙනී යයන බවයි.

our world in data ගෝලීය කොවිඩ් දත්ත රැස්කිරීමේ ආයතනය මගින්ද දැනට වැඩිම එන්නත් ලබාගෙන ඇති රටවල් කිහිපයක එන්නත්කරණ අනුපාතිකය හා කොවිඩ් මරණ අනුපාතික පහත පරිදි සංසන්දනය කර ඇත.

ශ්‍රී ලංකාව COVID-19 එන්නත් වැඩසටහනේ අද දිනට වසරක් සම්පූර්ණ කර තිබේ.

අද වනවිට මෙරට තුළ සමස්ත ජනගහනයෙන් කොවිඩ් මර්දන එන්නතේ කුමන හෝ එක් මාත්‍රාවකින් 75% ක්, මාත්‍රාවෙන් 63% ක්, මාත්‍රා තුනෙන් 23% ක් හෝ බූස්ටර මාත්‍රාවෙන් සාර්ථක ලෙස එන්නත් කර ඇත.

මේ අතර, ලෝක ජනගහනයෙන් 61% කට අවම වශයෙන් COVID-19 එන්නත එක් මාත්‍රාවක් හෝ ලැබී ඇත.

එහෙත් කනගාටුදායක ලෙස මෙය අඩු ආදායම්ලාභී රටවල් අතර 10% ක් පමණක් ලැබී තිබේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් 93%ක්, පෘතුගාලයෙන් 90%ක්, කියුබාවේ 87%ක් සම්පූර්ණයෙන් එන්නත් කරන ලද ජනගහණයෙන් ඉහළම රටවල් ලෙස ශ්‍රේණිගත කර ඇත.

මෙරට තුළ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති ආකාරය පහත දැක්වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්