නවතම පුවත්

මන්නාරමේ දෙමළ තරුණියන් හා මුස්ලිම් තරුණයින් විවාහ වීමේ වැඩි කැමැත්තක්

අසංක

අසංක

පශ්චාත් යුධ ගැටුම් සමයේ දී මන්නාරම දිස්ත්‍රික්කයේ දෙමළ තරුණියන් මුස්ලිම් තරුණයන් සමග විවාහ වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ඇති බවට හෙළි වී තිබේ.

ඒ සමාජ සේවා අංශය විසින් කළ සමීක්ෂණයකිනි.

මෙරට මානුෂීය මෙහෙයුම අවසන් වී ගෙවී ගිය 2010 – 2019 කාලය තුළ මන්නාරම දිස්ත්‍රික්කයේ විවාහක අවිවාහක භාවය පිළිබඳ කරන ලද සමීක්ෂණයක දී මේ බව හෙළි වී ඇත .

එහිදී එම කාලය තුළ දෙමළ තරුණියන් 2026 ක් මුස්ලිම් තරුණයන් හා විවාහ වූ බවට අනාවරණය වී තිබේ.

එහෙත් එම වසර 9 පුරාම මන්නාරම් දිස්ත්‍රික්කයේ මුස්ලිම් තරුණියන් විවාහ කර ගෙන ඇත්තේ දෙමළ තරුණයන් දොළොස් දෙනෙකු පමණි.

අදාල කාලය තුල මන්නාරම් දිස්ත්‍රික්කයේ වාසය කළ අවිවාහක තරුණ තරුණියන් සංඛ්‍යාව 71868කි.

ඒ අතුරින් පිරිමි 34494ක් වන අතර ගැහැනු 37374ක් ඒ අතර වේ.

දෙමළ තරුණියන් මුස්ලිම් තරුණයන් වැඩි වශයෙන් විවාහ කර ගැනීමේ හේතු ලෙස පහත කරුණු සමීක්ෂකයන් විසින් හඳුනාගෙන තිබේ.

යුද ගැටුම් සමයේ දී බොහෝ දෙමළ තරුණයන් මිය යාම හා අතුරුදන්වීම, ගැටුම් හේතුවෙන් සිදු වූ සමාජ ආර්ථික පසුබෑම හමුවේ දෙමළ පවුල්වල දරිද්‍රතාව මුල්කොටගෙන මුස්ලිම් ව්‍යාපාරික තරුණයින් හා විවාහ වීම, දෙමළ තරුණියන්ට ගැටලු මතුකරන දෑවැදි ප්‍රශ්නය මුල්කොටගෙන දෑවැදි ඉල්ලා නොසිටින මුස්ලිම් තරුණයන් හා විවාහ වීම, දෙමළ සමාජය තුළ දැඩිව පවතින කුල ක්‍රමය හේතුවෙන් එය නොසළකා මුස්ලිම් තරුණයන් හා විවාහ වීම, මුස්ලිම් තරුණයන් රූ සපුව කෙරෙහි වැඩි නැඹුරුතාවක් දක්වන බැවින් රූමත් දෙමළ තරුණියන් සමඟ විවාහ වීම හා එහිදී මුස්ලිම් තරුණියන් සමග විවාහ වූ මුස්ලිම් තරුණයින් පවා තම පළමු විවාහය අතහැර දෙමළ තරුණියන් හා විවාහ වීම ආදී කරුණු ඊට හේතු වී තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්