නවතම පුවත්

මැතිසබේ හිස් -‍විවාදය කල්දමයි

අසංක

අසංක

මැතිසබේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සිටිය යුතු අවම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවවත් නොසිටීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු හෙට(11) පෙරවරු 9.30 දක්වා කල්තබා තිබේ.

වැට් බදු ඉහළ දැමීම සම්බන්ධයෙන් වන මැතිසබේ විවාදය පැවැත්වෙන අතරවාරයේ සිටිය යුතු ගණපූරණය නොමැති වීම හේතුවෙන් හෙට දිනය දක්වා කල්තබන බව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා නිවේදනය කළේය.

ඒ පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා, මැතිසබේ ගණපූරණය නොමැති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් අවධානයට යොමුකිරීමෙන් පසුව ය.

ගණපූරණය යනු මැතිසබේ රැස්වීම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන අවම මන්ත්‍රීන් සංඛ්‍යාවය. ගණපූරණය, මූලාසනාරූඪ මන්ත්‍රීවරයා ද ඇතුඵව මන්ත්‍රීන් 20 ‌දෙ‌නෙකි.

ගණපූරණය ‌නොමැති වි‌ටෙක ඒ පිළිබඳව මූලාසනාරූඪ මන්ත්‍රීවරයාගේ අවධානයට ලක්කරනු ලැබුව‌හොත් ඔහු විසින් ගණපූරණ සීනුව හැඬවීම පිණිස කටයුතු ‌යෙදිය යුතු ය. විනාඩි 5ක කාලයක් අවසන දී ගණපූරණය සපිරී ‌නොතිබුණ‌හොත් පාර්ලි‌මේන්තුව කල්තැබීමට හැකිය.

හෙට දිනයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබාගැනීමට අදාළව තීරණාත්මක සාකච්ඡාවක් එහි නිලධාරීන් සහ මෙරට බලධාරීන් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම පනත ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එමඟින් රාජ්‍ය ආදායමට සැලකිය යුතු බලපෑමක් සිදුකරයි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විස්න් මෙරටට ලබාදෙන විස්තීරණ ණය පහසුකමෙහි දෙවන වාරිකය මෙරටට ලබාගැනීම සඳහා රාජ්‍ය ආදායම් ඉහළ දමාගන්නා බවට වන සහතිකය එම ආයතනය වෙත දිය යුතු වෙයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්