මුදල් මණ්ඩලය වගකීම් පැහැර හැරලා!

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පසුගිය කාල සීමාවේදී ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්තිවල ගැටළු කාර්යයේ ස්වභාවය මුදල් මණ්ඩලය වෙත පෙන්වා දුන්නද එහි සාමාජිකයින් එම තොරතුරු දේශපාලන අධිකාරියට නිසි ලෙස වාර්තා නොකළ බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි .

මුදල් මණ්ඩලය විසින් දේශපාලන අධිකාරිය මුලා කිරීමේ ප්‍රතිඵල අද වන විට ජනතාවට අත් විදීමට සිදුව ඇති බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ. “ආර්ථික අර්බුදයේ හදිසි අවස්ථාව” මැයෙන් ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංසඳය සංවිධාන කළ, සාකච්ඡාවට එක් වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය .