නවතම පුවත්

මෘත දේහයක් හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෘත දේහයක් හරහා කොරෝනා වෛරසය ආසාධනය වී මියගිය පුද්ගලයෙකු පිළිබඳව ප්‍රථම වරට තායිලන්තයේ බැන්කොක් නුවරින් වාර්තාවේ.

මෙසේ මියගොස් ඇත්තේ බැංකොක් නුවර රෝහලක අධිකරණ වෛද්‍ය අංශයේ වෛද්‍යවරයකු වන අතර ,එම වෛද්‍යවරයාට වෛරසය වැළදී ඇත්තේ කොරෝනා රෝගය අසාධනය වී මියගිය අයෙකුගේ මෘත දේහයක් හරහා වන බව මේ වනවිට තහවුරු වී ඇතැයි තායිලන්ත වෛද්‍ය විශේෂඥයින් ප්‍රකාශ කර සිටී .

මේ පිළිබඳව පර්යේෂණය කල තායිලන්ත විශේෂඥයින් කණ්ඩායම මේ වනවිට ඒ පිළිබඳව ජාත්‍යන්තර විද්‍යා ප්‍රකාශන කිහිපයකටම තොරතුරු ලබාදී ඇති අතර , මෘත දේහයක් හරහා කොරෝනා සම්ප්‍රේෂණය වීම පිළිබඳව ලැබුණු මුල්ම හා ප්‍රබලතම සාක්‍ෂිය මෙය වන බවටද සඳහන් කර ඇත .

මෘත දේහයක් තුල කොරෝනා වෛරසය කොපමණ වෙලාවක් රැදී පවතිනවාද යන්න තවමත් නිශ්චිතව සොයාගෙන නොමැති බැවින් මේ නව තත්වය පිළිබඳව දැඩි අවධානයක් ඉදිරියේදී යොමු කල යුතුව ඇති බවත් විශේෂඥයින් පිරිස අවධාරණය කර ඇත.

ඒ අනුව අධිකරණ වෛද්‍ය අංශයේ කටයුතු කරන පිරිස් විධිමත් ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බවත් තායිලන්ත විශේෂඥයින් අනතුරු අඟවා ඇත.

එසේම මේ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සෞඛ්‍ය සේවා උපදේශන ඒකකය සඳහන් කර ඇත්තේද මෘත ශරීර හරහා කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය විය හැකි බවට අනතුරක් මතුව ඇති බැවින් ඒ පිළිබඳව වැඩි දුර අධ්‍යයනය කර නිසි ආරක්‍ෂිත උපදෙස් අලුතින් ඉදිරිපත් කල යුතුව ඇති බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්