මෙරට කොරෝනා ආසාදිත අනුපාතය පහළට

Picture of අසංක

අසංක

කොරෝනා රෝගය වැළඳී ඇති බවට සැක කරන පුද්ගලයන් 60 දෙනෙකු ඊයේ පරීක්ෂාකරයි වෛරසය වැළඳුණු බවට අනාවරණය වූයේ එක් රෝගියකු පමණක් බවත් මෙම තත්ත්වය යහපත් බව රජයේ වෛද්‍ය පර්යේෂණායතනයේ ප්‍රධානී වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

මෙයට පෙර දස දෙනකු පමණ පරීක්ෂා කළ විට අඩුම තරමින් වෛරසය ආසාදිතයින් වූවන් පස් හය දෙනෙකු හෝ සිටි බව ඔහු කියා සිටී.

ඊයේ දවස තුළ පැවති තත්වය ඉදිරියටත් පවත්වාගෙන ගියහොත් මෙරට වෛරසය පැතිරීම පාලනය කිරීමට අපහසු නොවනු ඇති බව ද ඔහු අවධාරණය කළේය.