නවතම පුවත්

මෙරට කොරෝනා පාලනය ගැන චීන ජනපතිගෙන් ජනපතිට පැසසුම්

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශක්තිමත් නායකත්වය යටතේ ශ්‍රී ලංකාව තුල කොරෝනා වසංගතය ප්‍රතිපලදායි ලෙස පාලනය කර ඇති බවත් ඉදිරියේදී අවශ්‍ය ඕනෑම මොහොතක ශ්‍රී ලංකාවට ඕනෑම ආකාරයක සහයෝගයක් ලබාදීමට චීනය ඉදිරිපත්වන බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අවධාරණය කර සිටී.

ඊයේ (13) රාත්‍රියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සිදුකළ දුරකථන සංවාදයකදී චීන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළ බව Xinhua ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.

කොරෝනා වෛරසය වැළැක්වීම සහ පාලනයකිරීම මෙන්ම රටේ විවිධ ක්ෂේත්‍රවල සිදුකෙරෙනා සංවර්ධන කටයුතු යලි ආරම්භ කිරීමද මේ මොහොතේ කල යුතු බවත් , එහිදී ශ්‍රී ලංකාව සමග එක්ව ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාරද ලබාදෙමින් එම කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බවත් චීන ජනපතිවරයා මෙහිදී සඳහන් කර ඇත.

කොරෝනා වෛරසයට එරෙහිව චීනය මුහුණදී තිබු තීරණාත්මක මොහොතක ශ්‍රී ලංකා සමාජයේ විවිධ කොටස් තම රටට ලබාදුන් ක්‍රියාකාරී සහය සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීත්වය පළකර ඇත.

වසංගත සමයේදී තම පුරවැසියන් රැකබලා ගැනීම පිළිබඳවචීන ජනාධිපතිවරයා මෙහිදී ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ස්තූතිය පුද කළ අතර, තම රටේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය සහතික කිරීම සඳහා සිය රජය අඛණ්ඩව කටයුතු කරන බවට සහතික කොට තිබෙන බවද වාර්තා වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්