ශී‍්‍ර ලංකාවේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් 59 දෙනාගෙන් 45 දෙනෙකුම විදේශගතව සිට පැමිණි හෝ නිරෝධායන කඳවුරු වලින් හඳුනාගත් පුද්ගලයින් වන බව ‘‘කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය’’ අනාවරණය කර සිටී.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක්වන පුද්ගලයින් ගණන 2,463 ක් වන අතර විදේශිකයන් 27 දෙනෙකුද ඒ අතර වන බවද මධ්‍යස්ථානය සඳහන් කර සිටී.
මේ අතර ආරක්‍ෂක අමාත්‍යාංශය කළ දැනුම්දීම අනුව මාර්තු මස පළමු වැනිදා සිට 15 වැනිදා දක්වා කාලය තුළ විදේශගතව සිට පැමිණි පුද්ගලයන් 8,437 දෙනෙකු මී වනවිට පොලිස් ස්ථානවල හා 119 ඇමතුම් මධ්‍යස්ථානයේ ලියාපදිංචි වී ඇත.