ප්‍රබෝධා හෙට්ටිආරච්චි
මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන ඊයේ (20) වනවිට 176 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ ඊයේ තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමඟයි.
එසේ මියගොස් ඇත්තේ පනාගොඩ (71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 8 (52 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්), කොළඹ 12 (71 හැවිරිදි කාන්තාවක්), කොළඹ 2 (44 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්) සහ බණ්ඩාරගම (49 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්) යන ප්‍රදේශවල පදිංචිකරුවන් 5 දෙනෙකි.