නවතම පුවත්

මෙරට ගොවිතැනටත් ජපානයේ අතහිත

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග ජයගැනීම සඳහා ජපාන රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව මෙරට ජපාන තානාපති අකිරා සුගයාමා මහතා ප්‍රකාශ කර සිටී .

මෙරට තේ කර්මාන්තය ප්‍රමුඛ අපනයන කෘෂි නිෂ්පාදන ක්ෂේත්‍රය තවදුරටත් නැංවීම සඳහාද තම රජයේ සහය ලැබෙන බව තේ අපනයන කරුවන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් තානාපතිවරයා පැවසීය .

ශ්‍රී ලංකාව තම සමීපතම මිතුරෙකු ලෙස ජපානය සලකන බවත් , එම ශක්තිමත් බැඳීම තවදුරටත් වර්ධනය වනු ඇති බව අපේක්ෂා කරන බවත් සුගයාමා මහතා මෙහිදී පැවසීය .

තේ අපනයන කරුවන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස තේරී පත්වූ සංජය හේරත් මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තේ නිෂ්පාදනය පහල වැටීම් , මෙරට තේ කර්මාන්තය මුහුණ දෙන ප්‍රධානතම ගැටලුව වන බවයි .

අහිතකර කාලගුණය , ග්ලයිසොෆෙට් භාවිතය තහනම් කිරීම, තේ වල තත්වය පහල වැටීම් වැනි කරුණු තේ නිෂ්පාදනය පහල වැටීමට හේතුවී ඇති බවද හේරත් මහතා පැවසීය .

නැවත වගාකිරීම් ප්‍රමාණවත් නොවීම , හා කර්මාන්තයට අලුතින් ඇතුළුවන ප්‍රමාණය අවමවීම මීට තවත් හේතු සාධක ලෙස දැක්විය හැකි බවද හේරටැහැ මහතා පැවසීය .

මූල්‍ය වෙළෙඳපොළ පහත වැටීම සාම්ප්‍රදායික වෙළෙඳපොළවල් වෙත තේ අපනයනය සීමා කරන අතර නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශය සඳහා අපනයන කරුවන් දරන උත්සාහයට බාධා ඇතිකරන බව තේ අපනයනකරුවන්ගේ සංගමයේ හිටපු සභාපති ජයන්ත කරුණාරත්න මහතා මෙහිදී පැවසීය තී

තේ කර්මාන්තය වෙනුවෙන් කැපීපෙනෙන දායකත්වයක් දැක්වූ තේ නිෂ්පාදකයින් 22 දෙනෙකුට සම්මාන ප්‍රධානයද මෙහිදී සිදුවිය

ජායාරූපය

ඌව පළාතේ හොඳම තේ කර්මාන්ත ශාලාවට හිමි සම්මානය දිනාගත් ලුණුගල ශෝලන්ඩ් වතුයායේ වතු අධිකාරී නරේෂ් සහබන්දු මහතා තම සම්මානය ජපාන තානාපති අකිරා සුගයාමා මහතා අතින් ලබාගත් අවස්තාව

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්