නවතම පුවත්

මේ මාසයේ උද්ධමනය 30%ට ආසන්න වෙයි

අසංක

අසංක

ගෙවුණු මාර්තු මාසයේ මෙරට පැවති උද්ධමනය 18.7%හි සිට අප්‍රේල් මාසයේ දී 29.8%ක් දක්වා ඉහළ ගිය බව ශ්‍රී ලංකා මහබැංකුව පවසයි.

මෙම වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය.

ඒ අනුව, මාර්තු මාසයේ පැවති ආහාර උද්ධමනය 30.2%හි සිට අප්‍රේල් මාසයේ දී 46.6% දක්වා ඉහළ ගොස් ඇත.

ආහාර නොවන කාණ්ඩයෙහි උද්ධමනය මාර්තු මාසයේ පැවති 13.4%හි සිට අප්‍රේල් මාසයේ දී 22.0% දක්වා ඉහළ ගොස් තිබේ.

2022 අප්‍රේල් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස 9.25%ක් ලෙස වාර්තා විය.

ආහාර නොවන සහ ආහාර කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් පිළිවෙළින්, 4.95%කින් සහ 4.31%කින් ඉහළ යෑම මේ සදහා හේතු විය.

ඒ අනුව, ආහාර නොවන කාණ්ඩය තුළ, ප්‍රධාන වශයෙන් ප්‍රවාහන (පෙට්‍රල් සහ ඩීසල්), අධ්‍යාපනය (උපකාරක පන්ති ගාස්තු), නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ වෙනත් ඉන්ධන (නිවාස කුලී, නඩත්තු/පිළිසකර කිරීම්) සහ ආපනශාලා සහ හෝටල් යන උප කාණ්ඩයන්හි අයිතමවල මිල ගණන් ඉහළ ගියේය. 

තවද, ආහාර කාණ්ඩය තුළ 2022 අප්‍රේල් මාසයේ දී, කිරිපිටි, සහල්, පාන්, පරිප්පු, සීනි සහ කරවල මිල ගණන් ඉහළ ගියේය.

එමෙන්ම මාර්තුවේ 9.1%ක් ලෙස සටහන් වූ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය අප්‍රේල් මාසයේදී 11.3%ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහබැංකුව පවසයි.

litro
ලීට්‍රෝ ගෑස් මිල ඉහළට
IMF
IMF ප්‍රගති සමාලෝචනය ගැන පසු විපරමක් .
image-3
ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන අනාවැකියක් කියයි !
sl economy
වෙළඳ හිඟය ඉහළ යයි
fuel
ඉන්ධන මිල අද සිට ඉහළට
image-1
'නාසි' සෙබළාට බුහුමන් දැක්වූ කතානායක ඉල්ලා අස්වේ !
image
ලෝක ළමා දිනයේදී , සංක්‍රමණික පවුල්වල දරුවන්ගේ ඉල්ලීම මෙන්න.
Plastic
ප්ලාස්ටික් හෙට සිට තහනම්!
inflation decrease
 උද්ධමනය කැපී පෙනෙන පහළ යෑමක් වාර්තා කරයි!
dhanushka
ධනුෂ්ක නිදොස් කොට නිදහස්