නවතම පුවත්

යුරෝපා සංගමයේ GSP+ නිරීක්‍ෂණ චාරිකාව අවසන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

GSP+ වැඩසටහනට අදාළ අන්තර්ජාතික සම්මුතීන් ක්‍රියාත්මක කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සොයාබැලීම වෙනුවෙන් යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී කණ්ඩායමක් 2021 සැප්තැම්බර් 27 වැනිදා විශේෂ නිරීක්ෂණ සංචාරකයක් ආරම්භ කළ අතර, මානව සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය හා දේශගුණය මෙන්ම යහපාලන මූලිකාංග පිළිබඳව ඇති කරගත් එම සම්මුතීන් ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ ‌දායකත්වය එහිදී දැඩි සැලකිල්ලට බඳුන් විය. දින දහයකින් සමන්විත වූ මෙම සංචාරය අතරතුර දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරු සමඟ මෙම යුරෝපා සංගම් නියෝජිතයෝ පුළුල් සාකච්ඡා වට ගණනාවක් පැවැත්වූහ. තවද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින්, මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පාර්ශව, වෘත්තීය සමිති සහ සේවක පිරිස් ඇතුළු සිවිල් සමාජය නියෝජිතයින් ද හමුවී සාකච්ඡා කිරීමට මෙම විශේෂ නියෝජිත කණ්ඩායම පියවර ගත්තේය. ඊට අමතරව, ශ්‍රී ලංකාව තුළ යුරෝපා සංගම් රාජ්‍ය්‍යන්ට අයත් තානාපතිවරු සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතනවල නියෝජිතයින් ද සමඟ ඔවුහූ සාකච්ඡා පැවැත්වූහ.

ඒ අනුව මානව අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍ය, ආර්ථික/ සමාජයීය හා සංස්කෘතික අයිතිවාසිකම් මෙන්ම කම්කරු සබඳතා හා බැඳුණු ගැටලු පිළිබඳව නිරීක්ෂණ කණ්ඩායම වැඩි සැලකිල්ලක් දැක්වීය. 2017 වසරේ ශ්‍රී ලංකාව නැවතත් GSP+ වැඩසටහනට සම්බන්ධ කරගැනීමේ දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සංශෝධන එක්කිරීමට ශ්‍රී ලංකාව ලබාදුන් පොරොන්දුව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමුවිය.

තවද, ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් සඳහා අයිතිවාසිකම් පිරිනැමීමේ දී සමාන පදනමකින් සහ නිසි ගරුත්වයකින් යුතුව කටයුතු කිරීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, ත්‍රස්තවාදය වැළැත්වීමේ පනත දැනට භාවිතයට ගැනෙන ආකාරය, ශ්‍රී ලංකාව තුළ මූලික නිදහසට පවතින බාධා සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳව ක්‍රියාත්මක කිරීමට යෝජිත නව නීති ආදිය පිළිබඳව ද යුරෝපා සංගම් විශේෂ නියෝජිත පිරිස වැඩිදුර අධ්‍යයනයක නිරත විය. ඊට අමතරව මත්ද්‍රව්‍ය, පරිසරය, දේශගුණ විපර්යාස සහ දූෂණ වංචා ආදිය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ ප්‍රතිපත්ති ද මෙහිදී සමාලෝචනයට ලක්කෙරුණි. මෙම නිරීක්ෂණ සංචාරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ යුරෝපීය වාණිජ සංගමය විසින් ‘‘GSP+ වැඩසටහනෙහි උපයෝගීතාව හා අනාගත සංවර්ධනය’ යන තේමාව ඔස්සේ විශේෂ වෙබ් සම්මන්ත්‍රණයක් ද සංවිධානය කර තිබුණි. එම වෙබ් සම්මන්ත්‍රණයට යුරෝපා සංගම් නියෝජිතයෝ ද එක්වූහ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්