යුරෝපයේ සිට පැමිණෙන කිසිවෙකුට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කිරීමට එරට රජය තීරණය කර ඇත.
අද මධ්‍යම රාත්‍රියේ සිට මෙම තහනම ක්‍රියාත්මකවේ .
මේ අනුව යුරෝපා සංගමය, අයිස්ලන්තය, නොර්වේ, ස්විට්සර්ලන්තය, තුර්කිය සහ බ්‍රිතානයේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයෙක්ට ඉන්දියාවට ඇතුල්වීම තහනම් කර ඇත.
මෙම තහනම ඉන්දීය ජාතිකයින්ටද අදාළ වන බවයි එරට බලධාරින් සඳහන් කර සිටී .
ඉන්දියාවේ මේ වන විට කොරෝනා රෝගීන් 114ක් වාර්තා වී ඇති අතර පුද්ගල මරණ 02ක් ද වාර්තා වී ඇත.