නවතම පුවත්

යොවුන් වියේ නිරෝගී දරුවන්ට කොවිඩ් එන්නතෙන් දුලභ අතුරු ආබාධ – නව සොයාගැනීමක්

අසංක

අසංක

නව යොවුන් වියේ සිටින නිරෝගී දරුවන් කොවිඩ් රෝගයට වඩා ෆයිසර්/බයෝඑන්ටෙක් කෝවිඩ් එන්නත ගැනීමෙන් ඒ ආශ්‍රිතව ඇතිකරන දුර්ලභ අතුරු ආබාධයක් වන හෘදය ආශ්‍රිත දාහය ඇතිවීම හේතුවෙන් රෝහල් ගත කිරීමට වැඩි ඉඩක් ඇති බව අමෙරිකානු පර්යේෂකයෝ අනාවරණය කරති.

ඔවුන්ගේ වෛද්‍ය දත්ත විශ්ලේෂණය කිරීමෙන් ඇඟවෙන්නේ මාස 4 ක කාලයක් තුළ කොවිඩ් රෝගයෙන් රෝහල් ගත වීමට වඩා අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන පිරිමි ළමයින්ට කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව එන්නත ආශ්‍රිත මයෝකාඩයිටිස් රෝග තත්ත්වය පෙන්නුම් කිරීමට ඇති ඉඩ 4 සිට 6 ගුණයක් දක්වා වැඩි බවයි.

දුර්ලභ අතුරු ආබාධ අත්විඳින බොහෝ දරුවන්ට, ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දින කිහිපයකින් රෝග ලක්‍ෂණ දක්නට ලැබී ඇත.

මොඩර්නා ගත් දරුවන් ද මීට සමාන අතුරු ආබාධයක් දක්නට ලැබෙන බව ඔවුහු පෙන්වා දෙති.

මෙම රෝග ලක්ෂණවලින් පීඩාවට පත් පිරිමි ළමුන්ගෙන් 86% කට පමණ රෝහල් රැකවරණයක් අවශ්‍ය බව ඔවුහු පැවසීය.

සවුත්හැම්ප්ටන් විශ්ව විද්‍යාලයේ ළමා ප්‍රතිශක්ති විද්‍යාව සහ බෝවන රෝග පිළිබඳ මහාචාර්ය සාවුල් ෆවුස්ට් පැවසුවේ මෙම සොයාගැනීම් මඟින් එක්සත් රාජධානියේ එන්නත් හා ප්‍රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව විසින් යොවුන් වියේ දරුවන්ට එන්නත් දීමේදී ප්‍රවේශම් සහගත ප්‍රවේශය පිළිබඳ තවදුරටත් සළකා බැලිය යුතු බවයි.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර වයසේ පසුවන දරුවන්ට කොවිඩ් සෞඛ්‍යාරක්‍ෂක එන්නත් ලබා දීමට, එන්නත් හා ප්රතිශක්තිකරණය පිළිබඳ ඒකාබද්ධ කමිටුව විසින් නිර්දේශ නොකළ නමුත් ලබන සතියේදී අවසන් තීරණය ගැනීමට බලාපොරොත්තු වන එංගලන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී මණ්ඩලය වෙත මෙම නව සොයාගැනීම යොමු කර ඇත.

විශේෂයෙන් කොවිඩ් රෝගයට ගොදුරු විය හැකි හෝ අවදානම් සහිත පුද්ගලයෙකු සමඟ ජීවත් වන අවුරුදු 12 සිට 15 දක්වා ළමුන් මෙම එන්නත් සඳහා සුදුසුකම් ලබයි.

නවතම අධ්‍යයනයේදී, 2021 මුල් මාස හය තුළදී වයස අවුරුදු 12 සිට 17 දක්වා වයස්වල ළමුන් සඳහා කොවිඩ් එන්නත්වලට ඇති අහිතකර ප්‍රතික්‍රියා විශ්ලේෂණය කර ඇත.

ෆයිසර්/බයෝඑන්ටෙක් එන්නත ලබා දීමෙන් පසු හෘදයාබාධ ඇතිවීමේ වේගය ඔවුන් ඇස්තමේන්තු කර ඇත්තේ වයස අවුරුදු 12 ත් 15 ත් අතර නිරෝගී පිරිමි ළමුන් සඳහා මිලියනයකට 162.2 ක් සහ 16 සිට 17 දක්වා වයස්වල නිරෝගී පිරිමි ළමුන් සඳහා අවස්ථා 94 ක් ලෙස ය. ගැහැණු ළමයින් සඳහා සමාන අනුපාතය පිළිවෙලින් මිලියනයකට 13.4 සහ 13 කි.

වර්තමාන එක්සත් ජනපද ආසාදන අනුපාතය අනුව, ඉදිරි දින 120 තුළ සෞඛ්‍ය සම්පන්න යෞවනයකු කොවිඩ් සමඟ රෝහල් ගත කිරීමේ අවදානම මිලියනයකට 44 ක් පමණ වන බව ඔවුහු පැවසූහ

කැලිෆෝනියාවේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ට්‍රේසි හෙයිග් සහ සගයන් විසින් කරන ලද මෙය තවමත් පූර්ණ සමාලෝචනය කර නොමැති පර්‍යේෂණයකි. තවදුරටත් පර්‍යේෂණ ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්