රුපියලේ අගය ඉහළට

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය සති කිහිපය පුරාම අවප්‍රමාණය වෙමින් පැවති රුපියලේ අගය අද දින ක්ෂණික පිබිදීමක් වාර්තා කළේය.

ඒ අනුව අද (15) දින ඇමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාවේ සිට රු. 195 සීමාව දක්වා පහළ ගියේය .
ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (15) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 188.51 ක් ලෙසින් හා විකුණුම් මිල රු. 195.78 ක් ලෙසින් වාර්තා විය.

මේ සඳහා නිශ්චිත හේතුවක් මෙතෙක් නිල වශයෙන් වාර්තා වී නොතිබුණ ද, වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ LOLC සමූහයට අයත්ව තිබූ කාම්බෝජයේ PRASAC Microfinance සමාගම විකිණීමෙන් ලද ඩොලර් මිලියන 422ක මුදලෙන් කොටසක් මෙරට තුළට ගලා ඒම මෙයාකාරයෙන් මෙරට විනිමය ශක්තිමත් කරලීමට හේතුවන්නට ඇති බවයි.