කොළඹ රාජකීය විද්‍යාලයේ මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීන් 50ක් පමණ හදිසියේම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ ආහාර විෂවීමක් හේතුවෙනි.
උදෑසන ආහාරයෙන් පසුව ආසාත්මිකතා ඇතිවීම හේතුවෙන් ඔවුන් රෝහල්ගත කර ඇත.
ඔවුන්ට ආහාර සපයා තිබුණේ හමුදාවේ සේවා වනිතා ඒකකය මගිනි.