ලංකාව සරම්ප තුරන් කළ බවට WHO සහතිකයක්

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව , සරම්ප රෝගය සම්පූර්ණයෙන් තුරන් කළ රටක් බවට ප්‍රකාශ කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය විශේෂ සහතිකයක් මෙරටට පිරිනමා ඇත.

, ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය 72 වන සමුළුවේදී මෙම සහතිකය මෙරටට පිරිනමා ඇත.

ඒ අනුව සරම්ප රෝගය තුරන් කළ 5 වැනි අග්නිදිග ආසියානු රට බවට ශ්‍රී ලංකාව පත් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ක්‍රියාත්මක පුමුඛතා වැඩසටහනක් ලෙස, 2014 වසරේ සිට මෙරට තුළ සරම්ප රෝග මර්දන වැඩසටහන ක්‍රියාත්මක විය.

මෙරටින් අවසන් වරට සරම්ප රෝගියෙකු වාර්තා වී ඇත්තේ 2016 වසරේදීයි.