ගංජා සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා වෙනුවට වෙනත් අයකු අධිකරණයට ඉදිරිපත් කිරීමට රුපියල් ලක්ෂ 3ක අල්ලස් ලබාගත් බව කියන මිනුවන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජීවක රාජපක්ෂ මහතාගේ වැඩ තහනමට ලක්කර තිබේ.
ඒ වනවිට සේවය කරමින් සිට ඇත්තේ ආධුනිකයන් බඳවාගැනීමේ කාර්‍යාලයේ ය.
සිද්ධිය වී ඇත්තේ ඉකුත් මාර්තුවේ ය.
පරීක්ෂණවලට අනුව උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක්, සැරයන්වරයෙක්, කොස්තාපල්වරුන් 3දෙනෙකුගේ වැඩ මීට පෙර තහනම් විය.
පොලිස් ස්ථානාධිපතිවරයා පිළිබඳ දීර්ඝ ලෙස විමර්ශනය කිරීමේ දී හෙළිවූ කරුණු අනුව ජාතික පොලිස් කොමිසම නිර්දේශ කළ පරිදි ඔහුගේ වැඩතහනමට ලක් කර ඇත.