නවතම පුවත්

ලබන 20න් පසු කාර්‍යාල ඇරියොත් අත්‍යාවශ්‍ය සේවා පොදු ප්‍රවාහනයත් ඇරඹේ

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය නිසා දැනට ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන නැවතත් අප්‍රේල් මස 20න් පසු ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහන සේවාවන්ද යලි ආරම්භ කිරීමට ප්‍රවාහන කළමනාකරණ අමාත්යංශය තීරණය කර ඇත.

එසේම එවැනි තත්වයකදී අනුගමනය කල යුතු විශේෂ ක්‍රියාවලි කිහිපයක් පිළිබඳවද අමාත්යංශය , ප්‍රවාහන සේවා අංශ සමග දැනට එකඟතාවයකට පැමිණ ඇත

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ලබා දෙන උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම
සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම හා කිසියම් පුද්ගලයෙක් උණ, කැස්ස හා ප්‍රතිශ්‍යාව සහිත නම් වහාම එම පුද්ගලයා සම්බන්ධව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කිරීම.
මගී ප්‍රවාහණ සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීම.
දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම. වැනි කරුණු ඒ අතර වේ.

එසේම සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් පරිදි දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම වැනි සෞඛ්‍ය නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම. සැම දුම්රිය ස්ථාන, මැඳිරි මෙන්ම බස් රථ අඩු තරමින් දින දෙකකට වරක්වත් විෂබීජානුහරණය කිරීම හා ඊට අවශ්‍ය විෂබීජ නාශක ද්‍රව්‍ය ඛනිජතෙල් සංස්ථාව මගින් ලබා දීම.
• අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් නොවන නොවන කිසිදු අයෙක් දුම්රිය හෝ බස් රථවලට ඇතුළත් කර නොගැනීම. ඇතැම් පුද්ගලයින් නෑගමන් යාම වැනි දෑවලට පෙළඹිය හැකි බැවින් එවැනි අය සඳහා ප්‍රවාහණ පහසුකම් නොසැපයීම.ආදී කරුණු පිළිබඳවද මෙහිදී අවධානය යොමුවේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්