පැතුම් වික්‍රමරත්න
ලෝක ජනගහණයෙන් මිලියන 663ක පිරිසක් පානය කරනුයේ අපිරිසිදු සහ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ජලය වන බව අදට (22) යෙදී ඇති ලෝක ජල දිනය නිමිත්තෙන් නිවේදනයක් නිකුත්ය කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කර සිටී.
මෙලෙස අපිරිසිදු ජලය භාවිතය හේතුවෙන් වාර්ෂිකව මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 842,000ක් වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටී.
2015 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලද තිරසර සංවර්ධන ඉලක්ක අනුව වර්ෂ 2030 වන විට සැමට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබා දීමේ ඉලක්කය කරා ළඟා වීමට අවශ්‍ය උපායමාර්ග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද මෙවන් දිනකදී වැදගත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙ.