නවතම පුවත්

ලොව බලවත්ම ගමන් බලපත්‍රය -ජපානය මුල් තැනට, අපේ රට සියවෙනි තැනට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලන්ඩන් පදනම් කරගත් ගෝලීය පුරවැසිභාවය සහ පදිංචිය පිළිබඳ උපදේශක සමාගමක් වන Henley & Partners විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍රය හිමි රට බවට ජපානය පත්ව තිබෙනවා.

එම වාර්තාවට අනුව ආසියාවේ රටවල් 03ක් පිළිවලින් ලොව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර හිමි දර්ශකයේ ඉදිරියෙන්ම පසුවනවා.

ජපන් පුරවැසියන්ට ලොව පුරා වාර්තාගත ගමනාන්ත 193කට වීසා රහිත හෝ වීසා මත ප්‍රවේශ වීමේ හැකියාව පවතින අතර සිංගප්පූරුව සහ දකුණු කොරියාවේ විදෙස් ගමන් බලපත්‍ර හිමි පුරවැසියන්ට රටවල් 192 කට නිදහසේ සංචාරය කළ හැකි බවයි Henley & Partners සමාගම නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙන්නේ.

ආසියා පැසිෆික් කලාපය කොවිඩ් වසංගතයෙන් පසු නැවත සංචාරකයන්ට විවෘත වෙමින් පවතින බැවින්, එහි පුරවැසියන්ට සංචාරය කිරීමේ නිදහස නැවත භාවිතා කිරීමට වැඩි ඉඩක් ඇත.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) දත්ත මත පදනම් වූ Henley විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ නවතම නිකුතුවට අනුව කොවිඩ් වසංගතයෙන් පසු ගෝලීය සංචාරක කටයුතු මේ වන විට සීයයට 75ක ප්‍රමාණයකට පත්ව ඇත.

ආසියානු රටවල් 03ට පසුව බලවත්ම විදෙස් ගමන් බලපත්‍ර හිමි රටවල් අතර ප්‍රමුඛතා ලයිස්තුවේ යුරෝපීය රටවල වැඩි පිරිසක් ලැයිස්තු ගතවී ඇත. ජර්මනිය සහ ස්පාඤ්ඤය විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට ගමනාන්ත 190 නිදහසේ සංචාරය කළ හැකි අතර, පසුව ෆින්ලන්තය, ඉතාලිය, ලක්සම්බර්ග් හි විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට රටවල් 189 කට සංචාරය කළ හැකියාව ඇත.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය සහ ස්වීඩනය පස්වැනි ස්ථානයට පත්ව ඇති අතර ප්‍රංශය, අයර්ලන්තය, පෘතුගාලය සහ එක්සත් රාජධානිය අංක 6 ස්ථානයේ පසුවෙයි.

නවසීලන්තය සහ එක්සත් ජනපදය බෙල්ජියම, නෝර්වේ, ස්විට්සර්ලන්තය සහ චෙක් ජනරජය සමඟින් අංක 7 ස්ථානයේ රැඳී සිටියි.

ඇෆ්ගන් ජාතිකයන් නැවත වරක් දර්ශකයේ පහළම ස්ථානයේ පසුවන අතර, කල්තියා වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවී එම විදෙස් ගමන් බලපත්‍රයට ඇතුළු වීමට අවසර ලබාදී ඇත්තේ රටවල් 27කට පමණක් බවයි Henley & Partners දර්ශකය පෙන්නුම් කර සිටින්නේ.

එම දර්ශකයට අනුව ශ්‍රී ලංකාව 100 වන ස්ථානයේ පසුවනවා. ශ්‍රී ලංකාවේ විදෙස් ගමන් බලපත්‍රය හිමි අයෙකුට ලොව ගමනාන්ත 42කට වීසා රහිත හෝ වීසා මත ප්‍රවේශ වීමේ හැකියාව පවතී.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්