නවතම පුවත්

‘ලෝකයේ ‌ගෞරවය දිනාගත හැකි රටක් ‌ගොඩනගනවා’ – ‌ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදක්වමින් ‌ගෝඨාභය කියයි

අසංක

අසංක

  • රැකියා ලක්ෂ 10ක්
  • උපයනවිට බද්ද, ආගමික ස්ථාන බද්ද, රදවාගැනීමේ බද්ද අහෝසි
  • වැට් බද්ද 8%ක් දක්වා පහළට
  • වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000ක්
  • කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයනය අහෝසි
  • වසර කිහිපයක් තුළ මුළුමනින්ම කාබනික ‌පොහොර භාවිතය
  • ආපදාවට ලක්වූ ‌‌ගොවීන්ගේ ණය අවලංගුයි
  • කුඩා දරුවන් සිටින කාන්තාවන්ට නිවසේ සිට රැකියා

‘හැමදාමත් මා වෙත බාරදුන් සෑම වගීමක්ම ඉටු කළ මම මෙවර ද මට භාරදෙන සෑම වගකීමක්ම ඉහළින්ම ඉටුකිරීමට පොරොන්දු වෙනවා. ඔබ මොන පක්ෂයේද මොන වර්ගයේද මොන ආගමේද යන්න වැදගත් නැහැ. එකම කොන්දේසිය රටට ආදරය කරන පුද්ගලයකු ද යන්න පමණක්’ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

‘ඔබට රටක් – රටට හෙටක්’ යන තේමාව ඔස්සේ  VisonGR නමැති සිය ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීමේ මේ වනවිට පැවැත්වෙන උත්සවයේදී හෙතෙම මේ බව කියාසිටියේය.

යථාරූපී සජීවීකරණ ආකාරයෙන් ද මෙම ප්‍රතිපත්තිය මෙහි දී  එළිදැක්වීම මෙහිදී විශේෂත්වවයක් විය. ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද ජනතාවට ඩිජිටල් ප්‍රවේශයකින් සමීප වීම උදෙසා ජංගම දුරකතන යෙදවුමක් ද ‌මෙහිදී එළිදැක්විණ. නෙළුම් පොකුණ රගහලේදී මෙම එළිදැක්වීම පැවැත්වෙයි.

එහිදී සිය ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබද කරුණු පැහැදිලි කළ ‌ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා,

‘වඩා ඉක්මණින් විසදිය යුතු ගැටලු කිහිපයක් පවතිනවා. අධික ජීවන බරින් පීඩාවිදින ජනතාවට සහනයක් ලබාදීම මුලින්ම කළ යුතුයි. සෑම පුරවැසියකුටම ආර්ථික වාසියක් ලබාදීම අපගේ අරමුණයි. මෙරට දුප්පත්කම සහමුලින්ම නැති කරන්න අපි කටයුතු කරනවා. කාටවත් අත නොපා ජීවත්වන ඵලදායී ආර්ථිකයන් ගොඩනැගීමට අපිට අවශ්‍යයි. දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් බිහිකළ යුතුයි. දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක් අප බිහිකළ යුතුයි. ගෝලීය වශයෙන් ඉහළ ඉල්ලුමක් ලැබෙන පරිදි අපේ තර්ණ තරුණියන් දැනුමින් සන්නද්ධ කරන්න අපි කටයුතු කරනවා.  

අපප රටට නොගැළපෙන වත්මන් බදු පනත වෙනස් කොට බදු අඩු කරනවා. රදවාගැනීමේ බදු අහෝසි කරනවා. ආගමික ස්ථාන සදහා පනවා ඇති අපි ඉවත් කරනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරනවා. උපයන විට බද්ද අපි අහෝසි කරනවා. රැකියා ලක්ෂ 10කට වඩා අපි උත්පාදනය කරනවා. කර්මාන්ත ක්්‍රෂේත්‍රය තුළ අපි මුලින්ම කළ යුත්තේ අගය ඒකතු කිරීමටයි. නව නිර්මාණ වෙළෙදපොළට හදුන්වාදීමට අපි අපේ නිර්මාණකරුවන් දිරිමත් කරනවා. කෘෂිකර්මාන්තය සදහා ක්‍රමයෙන් කාබනික පොහොර භාවිතය දිරිමත් කොට වසර කිහිපයක් තුළ මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට ගොවීන් දිරිමත් කරනවා. කාබනික පොහොර භාවිතයෙන් කරන කෘෂි නිෂ්පාදනය ඉහළ නංවනවා. කෘෂි නිෂ්පාදනය ප්‍රති අපනයනය අපි සම්පූර්ණයෙන්ම තහනම් කරනවා. අපේ කෘෂි නිෂ්පාදනවලට වැඩි වටිනාකමක් ලැබෙන්නේ ඒවිටයි.

ආපදාවලට පත් ගොවීන්ගේ ගොවි ණය සම්පූර්ණයෙන් අපි කපාහරිනවා. භූමියෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් වැඩි අස්වැන්නක් සදහා නවීන තාක්ෂණය භාවිත කරන්න ගොවීන් දිරිමත් කරනවා. වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ට රැ.1000ක දිනක වැටුප අපි ලබාදෙනවා. හැකිතාරක් දුරට පුනර්ජීව බලශක්තිභාවිතය දිරිමත් කරනවා. පුද්ගලික ව්‍යවසායකයන් වශයෙන් කාන්තාවන්ගේ දායකත්වය අපිට වැදගත්. කුඩා දරුවන් සිටිනා කාන්තාවන් යම් කිසි කාලයක් නිවසේ සිට රැකියා කිරීමට අපි දිරිමත් කරනවා.

දේශාපාලනික මෙන්ම ආයතනික දූෂණය වළක්වන අතරම දූෂකයන්ට කඩිනමින් දඩුවම් දීමට අපි කටයුතු කරනවා. මා නායකත්වය දෙන රජයක් තුළ දූෂණයට කිසිම ඉඩක් නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඇති සෞභාග්‍යය පිළිබද ‌පොරොන්දු කිසිවක් හුදෙක් ‌දේශපාලන ‌පොරොන්දු ‌නොවේ.

හැමදාමත් බාරදුන් සෑම වගීමක්ම ඉටු කළ මම මෙවර ද මට භාරදෙන සෑම වගකීමක්ම ඉහළින්ම ඉටුකිරීමට පොරොන්දු වෙනවා. ඔබ මොන පක්ෂයේද මොන වර්ගයේද මොන ආගමේක යන්න වැදගත් නැහැ. ඒකම කොන්දේසිය රටට ආදරය කරන පුද්ගලයකු ද යන්න පමණයි. රට හැරයාමට නොව හැරගිය අය ද යළි ගෙන්වා ගනිමින්  ලෝකයේ ගෞරවය දිනාගත හැකි රටක් බවට පත්කිරීමට රටක් අපි ගොඩනගනවා. නොවැම්බර් 16 වැනිදාට අපි සියලුදෙනාම ඒක්වී ඊට පළමු පියවර තබමු.”

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි