නවතම පුවත්

වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීමට බිලියන 40ක් වෙන්කෙරේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මහ කන්නයේ වගා හානි වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන හතළිස් දහසක් වෙන්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ බව සඳහන් කළේ ය.

පසුගිය කන්නයේදී වගා හානි නිසා බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීමට මෙසේ රජය තීරණයක් ගත් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ වගා හානි සඳහා වන්දි ලබාදීම සඳහා ඒ අනුව රුපියල් බිලියන 40ක් වෙන්කිරීමට තීරණය කළ බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“වී ගොවිතැනේ නියැලෙන ලක්ෂ 11කට ආසන්න වී ගොවියන් වෙනුවෙන් සුවිශේෂි තීන්දුවක් ඊයේ කැබිනට් මණ්ඩලය ගත්තා. ඒ තමයි 2020 මහ කන්නයේ හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් වී ගොවිතැනේ වගා කරපු ගොවීන් සඳහා ඔවුන්ගේ අස්වැන්නේ යම් හානියක් සිදුවුණා නම් ඒ සඳහා වන්දි ලබාදෙන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමැති ලබාදුන්නා. ඒ සඳහා මිලියන 40කට අධික මුදලක් රජය විසින් වෙන්කරනවා. මුදල් අමාත්‍යවරයා විසින් රුපියල් මිලියන 229ක සහන පැකේජයක් ලබාදුන්නා. රජයේ සේවකයින්ට, සමෘද්ධිලාභීන් ඇතුළු කේෂ්ත්‍ර ගණනාවකට ලබාදුන්නා. එයින් වී ගොවියන් වෙනුවෙන් මේ සහනාධාරය ලබාදෙන්න තීරණය කළා. ඒ අනුව පසුගිය කාලයේ ගොවීන් දැවැන්ත උද්ඝෝෂණ කළා හරිත කෘෂිකර්මානතයට නියැලීමත් එක්ක තමන්ගේ වගාවල හානි සිදුවුණා, පාඩු සිදුවුණා මෙයට වන්දි ලබාදෙන්න කියලා. ඒත් දිගින් දිගටම මම කෘෂිකර්ම ඇමති ලෙස සහතිකයක් දුන්නා ගොවීන්ට ඔබ මේ වැඩසටහනට සම්බන්ධ වෙලා යම් වගා හානියක් වුණොත් ඒ සඳහා වන්දි ලබාදෙන්න අපි කටයුතු කරනවා කියලා. ඒ සහතිකය අපි මුල ඉඳලම ගොවීන්ට ලබාදුන්නා. ඒ අනුව මහ කන්නයේ අස්වැන්නේ අඩුපාඩුවක් සිදුවු සියලුම ගොවීන් 1,049,000ක් හෙක්ටයාර් ලක්ෂ 8ක් වගාකරලා තිබුණා පහුගිය යල කන්නයේ. ඒ ගොවීන් සඳහා වන්දි ලබාදීමට අනුමැතිය ලබාදුන්නා. ඒ අනුව අපි මේ වනවිට ප්‍රාදේශීය මට්ටමින් ගොවීන්ගේ අස්වැන්න පිළිබඳ නිරීක්ෂණය කරමින් ඉන්නවා. එ් අනුව ඔවුන්ගේ අස්වැන්න කැපීමත් සමග ම ඔවුන්ට වෙලා තියෙන පාඩුව වෙනුවෙන් සෑම ගොවියෙකුටම වන්දි ලබාදෙන්න කටයුතු කරනවා.”

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්