නවතම පුවත්

වී කිලෝවකට රුපියල් 75ක් දෙන්න රජය සූදානම් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

පෞද්ගලික අංශයත් සමග තරගකාරි ලෙස ගොවීන්ගෙන් වී කිලෝවක් රුපියල් 75කට මිල දී ගැනීමට වී අලෙවි මණ්ඩලය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

අද (25) පැවති කැබීනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

කෙසේ නමුත් කිසිදු ආකාරයකින් සහල් මිල වැඩිකිරීමකට යොමුනොවන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එමෙන්ම අයුතු ලෙස ඇතැම් ව්‍යාපාරිකයන් විසින් වී කිලෝවක මිල අධික ලෙස ඉහළ දැමීමත් වී මෝල් මාෆියාව නැවැත්වීමටත් සහ රට තුළ සහල් සංචිතයක් තබා ගැනීමටත් අවශ්‍ය බැවින් සහල් ආනයනය කිරීමටද තීරණය කළ බව අමාත්‍යවරයා එහිදී පැවසීය.

මේ අතර, 2021/2022 මහ කන්නයේ වී අස්වැන්නේ අඩුවීමක් සිදු වුවහොත් ඒ හේතුවෙන් බලපෑමට ලක්වන වී ගොවීන්ගේ ආදායම් මට්ටම සුරක්ෂිත කිරීම සඳහා වී කිලෝවකට රුපියල් 25ක වන්දියක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්