වයස 20ට වැඩි සියලුදෙනාට ‘බූස්ටර්’

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 20 ට වැඩි මෙරට සියලු පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුව ඇත

. ඒ සඳහා අදාළ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබී ඇති බවද මේවනවිට වාර්තාවේ .

මීට පෙර තීරණය කර තිබුණේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට සහ සෞඛ්‍ය සේවය ඇතුළු ඉදිරි පෙළ කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමටය.

එම ඉලක්කය ළඟාකර ගැනීමෙන් පසු විවිධ රෝගාබාධවලින් පෙළෙන වයස අවුරුදු 60 ට අඩු පුද්ගලයින්ට සහ ඉන් අනතුරුව වයස අවුරුදු 20 ට වැඩි සියලු පුද්ගලයින්ට බූස්ටර් එන්නත් ලබාදීමටයි මේ වන විට අවධානය යොමුව ඇත්තේ. කෙසේවෙතත් ඒ සඳහා නිෂ්චිත කාල වකවානුවක් තීරණය වී නැත

බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබාදෙන්නේ කිසියම් පුද්ගලයෙකු සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 06 ක කාලයක් ගතවීමෙන් පසුවය.