නවතම පුවත්

වාහන ආනයන සීමාව තවදුරටත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

* තවත් භාණ්ඩ කිහිපයකට ආනයන සීමා දිගුවෙයි

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

වාහන, තෝරාගත් කෘෂි නිෂ්පාදන, ප්ලාස්ටික් භාණ්ඩ, සෙරමික් භාණ්ඩ,  හා දැවමය නිෂ්පාදන ආනයනය කිරීමේ සීමා තවදුරටත් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සඳහන් රෙගුලාසි 3 ක් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත..

කෙසේවෙතත් සැපයුම්කරුවන්ගේ ණය පහසුකම් මත ආනයනය කිරීමට ඉඩ දී ඇති භාණ්ඩ සාමාන්‍ය පරිදි ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට ද රජය තීරණය කර ඇත.

එමෙන්ම ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශය මත පමණක් ඔක්සිජන් සහ ශ්වසන උපකරණ ආනයනය කිරීමට අවසර ලබාදී තිබේ.

ආනයනික මුඛ ආවරණ හා ආනයනික රත්‍රන් ආනයනික පාලන බලපත්‍ර ක්‍රමයකට යටත් කිරීමට ද පියවර ගෙන ඇත.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවූ මතුවූ අනපේක්ෂිත ආර්ථික පීඩනය නිසා විදේශ සංචිත හා මුල්‍ය වෙළෙදපොළ පීඩනය අවම කරගැනීම උදෙසා මෙම පියවර ගැනීමට රජය කටයුතු කරයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්