විදුලි වාහන ගෙන්වන්න කැබිනට්ටුවට යෝජනාවක්

Picture of Roshan

Roshan

අසංක නවරත්න

විදුලි වාහන ආනයනයට පමණක් අවසර දීම පිළිබඳ අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඊයේ (24) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබේ.

“ජනාධිපතිතුමා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය කෙරෙහි උනන්දුවක් දක්වා තිබෙනවා. ලෝකයම ඒ ගැන පමණක් කතා කරන මොහොතක අපි මේකට යන්න ඕන” යැයි මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා පවසා ඇත.

වාහන ආනයනය ගැන කතා කරන විට විදුලි වාහනවලට ප්‍රමුඛත්වය දෙන බව පවසමින් ජනාධිපතිවරයා පසුගියදා පාර්ලිමේන්තුවට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළ අවස්ථාවේදී තමන් සතුටට පත් වූ බවද අමරවීර මහතා පැවසීය.