වියන්ගොඩගේ ගෝඨාභයට එරෙහි පෙත්සමට දින දෙයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමෙන් පෙත්සම්කරුවන් පවසා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නීත්‍යානුකූල ලෙසට ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබා ගෙන නොමැති බවට නියෝගයක් නිකුත් කරන ලෙසයි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසට ආගමන විගමන පාලකවරයා, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා සහ රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිසක් නම් කර සිටිනවා.

මෙම පෙත්සම ඔක්තෝබර් මස 2,3, සහ 4 යන දිනවල සලකා බැලීමට අභියාචනාධිකරණය අද (30) දින නියම කළා.

මෙම පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා.