විශ්වාසභංගයට ස්වාධීන කණ්ඩායමේ සහය – සජිත් අගමැති වන ලකුණු !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සමඟි ජන බලවේගය විසින් කථානායකවරයා වෙත ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාවට සහය දීමට ආණ්ඩුවෙන් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

එම මන්ත්‍රී කණ්ඩායම විසින් අද කැඳවා තිබූ සකච්ජාවකදියි මෙම එකඟතාවට පැමිණ ඇත්තේ.

අතර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටද දෙපාර්ශවය අතර එකඟතාවයක් ඇතිවී ඇත .

සජබනායකයින් හා ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායකයින් අතර පවතී සාකච්ජාවලදී මේ එකඟතාව මතුවී ඇත .

කොන්දේසි සහිතව අගමැතිධූරය භාරගැනීමට සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී එකඟතාවය පළකර ඇති බවටද තොරතුරු වාර්තාවේ .

කෙසේ වෙතත් මේ පිළිබඳව හෙට දිනයේදීද තවත් සාකච්ජා වටයක් පැවැත්වීමට නියමිතව ඇත .