වෙඩිවැදුණු බෙලිඅත්ත මන්ත්‍රීගේ ඇඳ යටින් ගිනිඅවියක් මතුවෙයි

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කපිල අමරකෝන් මහතාගේ නිවසේ ඔහුගේ ඇද යට තිබී ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක් හමුවී තිබේ.

ගිනිඅවිය රජයේ රසපරීක්ෂකවරයා වෙත යොමුකිරීමට පොලීසිය කටයුතු යොදා ඇත.

අද පෙරවරුවේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මන්ත්‍රීවරයා තංගල්ල රෝහලට ඇතුළත් කර ඇත.

නිවසේ දොර ජනෙල් වසා තිබී ඇති අතර පිටස්තර පුද්ගලයකු ද පැමිණ නොමැති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

මෙය වෙඩි තැබීමක් ද වෙඩි වැදීමක් ද යන්න පොලීසියට සැක පළකරන අතර ඒ ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

මෙය අත්වැරදීමකින් සිදුවූ වෙඩිවැදීමක් බවට ද පොලීසිය සැක පළකරයි.