නවතම පුවත්

ශ්‍රී ලංකාවේ විදෙස් ප්‍රතිපත්තිය ගැන රුසියාව සතුටෙන් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකාවේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තිය , සිය රජය බෙහෙවින් අගය කරන බවත් , ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා වර්ධනය කරගැනීමට පියවර ගන්නා බවත් මෙරට රුසියානු තානාපති ලෙවන් එස් ෂගර්යාන් මහතා අවධාරණය කර සිටී .

කිසි විටෙක රුසියාව ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලූ විවේචනයට ලක් කිරීම හෝ ඊට මැදිහත්වීමට කටයුතු නොකරන බවද රුසියානු තානාපතිවරයා සඳහන් කරයි.

කොළඹ රුසියානු කේන්ද්‍රයේදී පසුගියදා පැවති විශේෂ මාධ්‍ය හමුවකදී රුසියානු තානාපතිවරයා මේ බව සඳහන් කළේය .

රුසියානු මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට අපේක්ෂා කරන න්‍යෂ්ටික බලාගාරය මෙගාවොට් 110ක විදුලි බලයක් ජනනය කරනු ඇති බවත් හෙතෙම මෙහිදී පැවසීය.

එසේම රුසියානු සංචාරකයින් ලක්‍ෂ දෙකකට අධික පිරිසක් , ඉදිරි වසර තුලද ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවටත් ඒ මහතා මෙහිදී විශ්වාසය පළකළේය .

එසේම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදුකිරීම සඳහා රුසියානු ව්‍යාපාරිකයින් උනන්දු කරලන බවත් ඒ මහතා පැවසීය .

රුසියාව හා යුක්‍රේනය අතර පවතින ගැටුම්කාරී තත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් තානාපතිවරයා මෙහිදී මෙසේ පැවසීය .

” දැනට පවතින්නේ රුසියාව හා යුක්‍රේනය අතර සටනක් නොවේ , රුසියාව හා ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවේග අතර සටනක්. යුක්රේනය මෙම සටනේදී බටහිර රූකඩයක් බවට පත්වෙලා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් , ස්වාධීන රාජ්‍ය්යවල අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස අතපොවනවා . අප කිසි ලෙසක එවැන්නක් කරන්නේ නැහැ . ඉදිරි වසර තුල අප මේ සටන ජයගන්නවා “

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ මෙරට රුසියානු සංස්කෘතික කේන්ද්‍රය හෙවත් රුසියානු මන්දිරයේ අධ්‍යක්ෂිකා මාරියා පපෝවා මහත්මිය සඳහන් කලේ , රුසියාව හා ශ්‍රී ලංකාව අතර සංස්කෘතික සබඳතා මෙම වසර තුල වඩාත් ශක්තිමත් වූ බවයි .

රුසියානු භාෂා වැඩසටහන් මෙරට තුල සාර්ථකව ක්‍රියාත්මක බවත් , මෙරට පොලිසිය සමග ක්‍රියාත්මක කල භාෂා අධ්‍යාපන වැඩසටහන මෙම මස තුල සාර්ථකව ක්‍රියාත්මක කල බවද ඇය පැවසීය .

ඉදිරි වසර තුල රුසියානු විශ්ව විද්‍යාල සමග එක්ව මෙරට අධ්‍යාපන ප්‍රදර්ශන මාලාවක් පැවැත්වීමට කටයුතු කරන බවද ඇය පැවසීය .

රුසියානු විශ්වවිද්‍යාල කිහිපයක්ම මෙරටට පැමිණීමට කැමැත්ත පළකර ඇති බවත් පපෝවා මහත්මිය පැවසීය .

රුසියානු මන්දිරය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබු අතර එම මාධ්‍ය හමුවෙන් අනතුරුව පැමිණ සිටි මාධ්‍යවේදීන් සඳහා , නව වසර උදාව හා නත්තල නිමිත්තෙන් , ප්‍රිය සම්භාෂණයක් පැවැත්වීමටද රුසියානු මන්දිරය කටයුතු යොදා තිබිණ .

debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි