නවතම පුවත්

ශ්‍රීලනිප-පොහොට්ටු තීරණාත්මක රැස්වීමක් අනිද්දා

අසංක

අසංක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ජාවක් අනිද්දා (27) පෙරවරුවේ , විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැත්වීමට සැලසුම් කර ඇත.

මේ සඳහා සහභාගිවන පොදු ජන පෙරමුණු කණ්ඩායමට නායකත්වය ලබාදෙනුයේ බැසිල් රාජපක්ෂ මහතා විසිනි. ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පෙරුම හා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් යන මහත්වරුන් එම පෙරමුණ වෙනුවෙන් සාකච්ජාව සඳහා එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කණ්ඩායමට මහින්ද අමරවීර මහතාද මෙවර එක්වීමට නියමිත අතර පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර හා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාකච්ඡා කණ්ඩායමේ සෙසු සාමාජිකයින් වේ.

ලබන මස තුන්වැනිදාට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සන්ධානගත වීමේ සාකච්ඡා අවසන් කිරීමට නියමිත බව මහින්ද අමරවීර මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණු අතර ඒ අනුව අනිද්දා පැවැත්වෙන සාකච්ජා වටය අතිශයින් තීරණාත්මක වනු ඇත.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්