නවතම පුවත්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් පිල අතර පළමු පුහුණු තරගය අද

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය දැන් පැවැත්වෙනවා.

ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි. ශ‍්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග නායකත්වය ලබාදෙනවා. කොදෙව් කණ්ඩායම, ශ‍්‍රී ලංකා සංචාරය තුළදී තවත් පුහුණු තරගයකට ලබන බ‍්‍රහස්පතින්දා සහභාගීවීමට නියමිතව තිබෙනවා. 

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ලබන සෙනසුරාදා ආරම්භවීමට නියමිතයි.

තරගාවලියට එක්දින තරග 03 ක් ඇතුළත්. පළමු තරගය කොළඹ SSC කි‍්‍රඩාංගනයේදී පැවැත්වෙන අතර දෙවැන්න හම්බන්තොට කී‍්‍රඩාංගනයේත්, තුන්වැන්න පල්ලේකැලේ කී‍්‍රඩාංගනයේත් පැවැත්වෙනවා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ‍්‍රී ලංකාව අතර පන්දුවාර 20 තරග 02 ක්ද පැවැත්වීමට නියමිතයි. ‍16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩකයකු වන කමිඳු මෙන්ඩිස් ඇතුළත්ව සිටියද ඩෙංගු උණ රෝගය වැළඳීම හේතුවෙන් ඔහුට එම අවස්ථාව මඟ හැරී තිබේ. ඔහුට අමතරව ශිරාන් ප්‍රනාන්දුද නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් වුවත් ආබාධයක් හේතුවෙන් ඔහුටද මෙම තරගය මග හැරෙනු ඇත. ඒ වෙනුවට සධීර සමරවික්‍රම සහ තික්ෂිල ද සිල්වා සංචිතයට එක් කිරීමට අසන්ත ද මෙල් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු වත්මන් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

මේ අතර මෙම කණ්ඩායමට මෑතකදී වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම නියෝජනය කරන ලද සහ නියෝජනය කරන ක්‍රීඩකයින් කීපදෙනකු ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. නවකයන්ගේ දක්ෂතා පිළිබඳව විශ්වාස තබා ඇති තේරීම් කමිටුව වර්තමාන වයස අවුරුදු 19 න් පහළ නියෝජනය කරනු ලබන ඩිල්ෂාන් මධුශංක සහ කවිඳු නදීෂාන්ව කණ්ඩායමට එක් කොට තිබේ.

හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වූ මධුශංක අවසන් වුණු යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර 5 වැනි ස්ථානයේ රැදී සිටියේය. කවිඳු නදීෂාන්ට ලෝක කුසලාන තරගාවලියේදී එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වීමට නොහැකි වුවත් ඊට පෙර බටහිර ඉන්දීය කොදෙව් දේශයේ පැවැති තුන්කොන් එක්දින තරගාවලියේදී කඩුලු 18 ක් දවා ගනිමින් කුසලාන දිනා ගැනීම වෙනුවෙන් වැඩි මෙහෙවරක් කරමින් දක්ෂතම පන්දු යවන්නාගේ සම්මානයට හිමිකම් කීවේය.

නම් කරන ලද කණ්ඩායමේ වේග පන්දු යැවීමේ ප්‍රධාන වගකීම අසිත ප්‍රනාන්දු වෙත හිමිවද්දී ඔහුට සහායකයින් ලෙස තික්ෂිල ද සිල්වා, ඩිල්ෂාන් මධුශංක සහ චාමික ගුණසේකර නම් කර තිබේ. මීට අමතරව පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධව ගැටළුවකට මුහුණ දුන් තරිඳු කෞෂාල් ටද මෙම කණ්ඩායමේ ස්ථානයක් හිමිවීම කැපී පෙනෙයි. ඔහුට අමතරව සචිදු කොළඹගේ කවිඳු නදීෂාන් සහ පුලින තරංග ද දඟ පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.

කලක් ශ්‍රී ලංකා පිලට නැතුවම බැරි ක්‍රීඩකයකු බවට පත්ව සිටි අසේල ගුණරත්න කෙරෙහිද අවධානය යොමු කර සිටින තේරීම් කමිටුව ඔහුගේ දක්ෂතා යළි මැන බැලීම වෙනුවෙන් කණ්ඩායමේ ස්ථානයක් ලබා දී තිබේ. ඒ අතර ඇන්ජලෝ පෙරේරාද ඇතුළත්ව සිටියි.

ශ්‍රී ලංකා සංචිතය – උපුල් තරංග (නායක), සඳුන් වීරක්කොඩි, පැතුම් නිස්සංක, සධීර සමරවික්‍රම, අසේල ගුණරත්න, ඇන්ජලෝ පෙරේරා, අෂේන් බණ්ඩාර, දිල්ශාන් මධුශංක, අසිත ප්‍රනාන්දු, තික්ෂිල ද සිල්වා, සචිඳු කොළඹගේ, තරිඳු කෞෂාල්, පුලින තරංග, චාමික ගුණසේකර, කවිඳු නදීෂාන් සහ ළහිරු උදාර.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !