නවතම පුවත්

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට සිට ඇරඹෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු හෙට (22) දිනයේ සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, ගම්පහ දිස්ත්‍රික්කයේ සහ කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ හැර සෙසු ප්‍රදේශවල පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකරන බවය.

හෙට දිනයේ සිට ලබන 27 වන දින දක්වා ඇගයීම් මධ්‍යස්ථාන 39ක ඇගයීම් මණ්ඩල 391ක පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතු සිදුකිරිමට නියමිතය.

සියලුම පරීක්ෂකවරුන් වෙත පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා ඇගයීම් මණ්ඩල වෙතට වාර්තා කිරීම සඳහා කෙටි පණිවිඩයක් මඟින් දැනුම් දී තිබේ.

මේ සම්බන්ධයෙන් යම් විමසීමක් අවශ්‍ය වන්නේ නම්

0112 78 52 31

011 2 78 52 16

011 2 78 40 37

යන දුරකථන අංක මඟින් විමසීමක් කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්