නවතම පුවත්

සංචරණ සීමා අද ලිහිල් වෙයි පළාත් සීමාව තවදුරටත්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

දිවයිනටම පනවා ඇති සංචරණ සීමාවන් අද (25) අලුයම 4.00 ට ඉවත් කෙරේ. එහෙත් පළාත් අතර සංචරණ සීමාවන් ජුලි මස 05 වනදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව කොවිඩ්-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

සංචරණ සීමා ඉවත් කෙරුණද ජනතාව සෞඛ්‍යය මාර්ගෝපදේශවලට අනුකූලව කටයුතු කළ යුතු බවත් එසේ කටයුතු නොකරන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන පනත යටතේ දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය.

කෙසේවෙතත් සංචරණ සීමා ලිහිල් වූ පසුව ජනතාව නොසැළකිලිමත් ලෙස හැසිරුණහොත් කොවිඩ් පැතිරීම වැඩිවනු ඇති බවත් දෛනිකව වාර්තාවන කොවිඩ් රෝගීන්ගේ වර්ධනයක් සිදු වුවහොත් ඉදිරියේදී දැඩි සංචරණ සීමාවන්ට යෑමට සිදුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන කීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමාවල ප්‍රතිඵල මේ වනවිට විශ්ලේෂණය කරමින් පවතින අතර මින් ඉදිරියට සංචරණ සීමා පැනවෙන ආකාරය ඒ මත තීරණය වනු ඇති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන අවධාරණය කළේය.

කෙසේවෙතත් දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල හුදෙකලා තත්ත්වය ඒ පිළිබද දැනුම් දෙනතෙක් තවදුරටත් ක්‍රියාත්මක වේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්