නවතම පුවත්

සාමාන්‍ය රෝගීන් වෙනුවෙන් වෙන් කල ICU වාට්ටුත් කොරෝනා රෝගීන්ට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වැඩිවන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා  සාමාන්‍ය රෝගීන් වෙනුවෙන්  වෙන්කර ඇති දැඩි සත්කාර ඒකක(ICU) සහ වාට්ටු ලබා ගන්නා ලෙස සියලු රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත  සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලාල් පනාපිටිය මහතා සඳහන් කළේ, කොරෝනා රෝගීන් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකින්ම වාර්තා වීම සැලකිල්ලට ගනිමින් එම උපදෙස් ලබා දුන් බවය.

මේ අතර ඉහළ යන කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැනට නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පරිශ්‍ර අතරමැදි රෝහල් බවට පත් කිරීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර ඇත.

මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වසා දමා ඇති කම්හලක ඇඳන් 2000 කින් යුත් රෝහලක් ඉදි කිරීම මේ වනවිට සිදු කෙරේ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න මහතා මාධ්‍ය වෙත  පැවසුවේ, අතිරේක ඇඳන් නිෂ්පාදනය මේ වනවිට ත්‍රිවිධ හමුදාව විසින් ආරම්භ කර ඇති බවය

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්