සියලුම රක්‍ෂණ හිමියන්ට වාරික ගෙවීමේ සහන කාලයක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

සියලුම රක්‍ෂණ හිමියන් සඳහා වාරික ගෙවීමට සහන කාලයක් ලබාදීමට ශ‍්‍රී‍්‍ර ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව දිවයිනේ සෑම රක්ෂණ සමාගමක් වෙතම උපදෙස් දී ඇත.

ඒ අනුව සාමාන්‍ය රක්ෂණ හිමියන් සඳහා වාරික ගෙවීමට රක්ෂණ ඔප්පුව කි‍්‍රයාත්මක වන දින සිට මාස 03ක කාලයක් ලබා දෙන ලෙසත් , ජිවිත රක්ෂණ හිමියන් සඳහා, වාරික ගෙවීමට නියමිතව ඇති දිනයේ සිට මාස 03ක කාලයක් ලබාදෙන ලෙසත් රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ සමාගම් වෙත උපදෙස් දී ඇත.

මෙම සියලූ සහන මාර්තු මස 01වනාද සිට ලබන ජුුනි 30වනදා දක්වා කි‍්‍රයාත්මක වූ, කි‍්‍රයාත්මක වන හෝ වාරික ගෙවීමට නියමිත රක්ෂණ සඳහා පමණක් වලංගුවේ..

සහන කාල සීමාව තුල රක්ෂණ ඔප්පු ප‍්‍රාණවත්ව පවතින බැවින් එවායේ ප‍්‍රතිලාභද අහිමි නොවන බවද රක්ෂණ නියාමන කොමිෂන් සභාව සඳහන් කර සිටී .