සීනි බදු අඩුකිරීමේදී වංචාවක් සිදුව නැහැ – කබ්රාල් පැහැදිලි කරයි .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සීනි සඳහා බදු අඩු කිරීමේදී කිසිදු වංචාවක් වී නැති බවත් එම බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලැබී ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය

එම වාසිය  පාරිභෝගිකයාට ක්ෂණිකව නොගියත් ඔවුනට යම් සැළකියයුතු වාසියක් ක්‍රමානුකූලව  ලැබී ඇති බව මුදල් රජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය .

බදු අඩු කිරීමේදී කිසිදු වැරැද්දක් නැති බවත් එය රජය යහපත් චේතනාවකින් සිදුකර ඇති බවත් ඒ මහතා පැවසීය .

බොරුකීම විපක්ෂයේ අද එකම ආයුධය බවත් විපක්ෂයේ බොරුවලට නොරැවටෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.