බුද්ධි අංශ මගින් තහවුරු නොකළ තොරතුරක් සම්බන්ධයෙන් ලිපියක් හෝටල් කිහිපයකට බෙදාහැරි බව කියන සිද්ධිය කොටුව පොලීසියේ අපරාධ අංශ ස්ථානාධිපතිවරයා විසින් හිතුමතේ සිදුකරන ලද්දක් බවට අනාවරණය වී තිබේ.
කොළඹ දිසාවේ උසස් පොලිස් නිලධාරියකු පැවැසුවේ ඔහු එය සිදු කර ඇත්තේ තම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා පවා දැනුවත් කිරීමකින් තොරව බවයි.
ඔහු විසින්ම තම අත්සනින් යුත් ලිපිය මුද්‍රණය කර පැය බාගයක් පමණ කාලයක් තුළ වෙනත් නිලධාරීයකු ලවා බෙදාහැර තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අපරාධ අංශ ස්ථානාධිපතිවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිතය.
ඒ පිළිබඳ විමර්ශනය වැඩිදුරටත් ක්‍රියාත්මකයි.