නවතම පුවත්

දියකාවා යුද අභ්‍යාසයේ අවසන් සුදානම,පකිස්ථාන හමුදාවේ අවදානයට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X’ ඒකාබද්ධ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ කර 20 වන දිනය වන ඉරිදා (22, සැප්තැම්බර්) දින පකිස්තාන් යුද හමුදා විශේෂ සේවා බලගණයේ, සේනාංකාධිපති, මේජර් ජනරාල් හුසේයින් මුම්ටාස් ( Maj Gen Hussain Mumtaz, GOC, SSG of Pakistan Army)ඇතුලු පිරිසක් මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථානයේ සංචාරයක නිරතවිය.

මෙහෙයුම් මූලස්ථානය ඇතුලත සංචාරය කළ පකිස්තාන යුධ හමුදා නිලධාරීන් වෙත අවසාන මෙහෙයුම සහ අනෙකුත් මෙහෙයුම් ක්‍රම පිළිබඳව කෙටි විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය.

මෙහෙයුම් මූලස්ථානය වෙත සපැමිණි ,පකිස්තාන යුධ හමුදා නිලධාරීන් අභ්‍යාස අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ සහ කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති,මේජර් ජෙනරාල් පුදීප් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජ්ජාඩ් අලි (Colonel Sajjad Ali) සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම විශේෂ පුහුණු මෙහෙයුම සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සුවිශේෂි ස්ථානවලදී යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ගේ අධීක්‍ෂණය යටතේ අභ්‍යාසයට සහභාගී විය.

සැප්තැම්බර් මස 03 සිට 23 දින දක්වා පැවැත්වෙන මෙම යුද අභ්‍යාසය, ඕනෑම හදිසි අවස්ථාවකදි භටපිරිස් එක් කණ්ඩායමක් ලෙස ඒකාබද්ධ මෙහෙයුම් සිදුකිරීමේ පුහුණුව ඇති කිරීමේ අරමුණින් හා හැකියාවන්ගෙන් යුත් විශේෂ ක්‍රියාන්විත බලකායන් න්‍යායාත්මක රාමුවක් තුල ක්‍රමවත්ව යෙදවීම සඳහා සැලසුම් කර ඇත.

මෙම වසරෙහි දියකාවා යුද අභ්‍යාසයේ අධ්‍යක්‍ෂක ලෙස මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ කටයුතු කරන අතර, නියෝජ්‍ය අභ්‍යාස අධ්‍යක්‍ෂකවරුන් ලෙස බ්‍රිගේඩියර් සෙනෙරත් යාපා ද කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් කේ.ඒ. සමරසිරි සහ විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ජේ.පී.සී. පීරිස් කටයුතු කරනු ලබයි.

‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුධ අභ්‍යාසය) හී අවසන් ප්‍රහාරාත්මක යුද අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින පස්වරැ 3 නේ සිට කුච්චවෙලි ප්‍රදේශයේදී පැවැත්වීමට නියමිතව ඇත.


How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්